අංජුලා රාජපක්ෂ පහුගිය කාලවලදී මාධ්‍යයත් එක්ක වැඩිය කතාබහ කළේ නෑ. හැබැයි අංජුලා රූපවාහිනිය ඔස්සේනම් ඔබට නිතර නිතර දකින්න ලැබුණා. දෙරණ නාලිකාවේ විකාශය වන ‘දෙවන ඉනිම’ නම් අපූර්වතම ටෙලිනාට්‍යය රූගත කරන අතරතුරේදි අපිට අංජුලාව මුණගැහුණා. ඒ රූගත කිරීම අතරතුරේදි අප කළ කතාබහයි මේ.
අංජුලා... මොකද මේ සද්ද නැත්තේ... ටී.වී එකෙන් දැක්කට මාධ්‍යයෙන් වැඩිපුර කතා කරන්නේ නැහැනේ. තරහ වෙලාද? අනේ නෑ.. අනේ.. එහෙම මම කාත් එක්කවත් තරහවෙලා නැහැ. මාධ්‍යයට එන්න මම ටිකක් කම්මැලියි අනේ... එහෙම නැතිව මගේ එහෙම තරහක් නෑ.
 
දැන් අංජුලා ඉලන්දාරි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේද?
අම්මෝ... ඔහොම කියන කොට මට බය හිතෙනව අප්පා... ඔය කියන්නේ දෙවන ඉනිම ටෙලිනාට්‍යය ගැනනේ... ඔව් අනේ... දැන් මම ලොකු පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේද... හොඳයි නේද... බලන්නකෝ ‘දෙවනි ඉනිම’ මොකද වෙන්නේ කියලා.
නිරූපිකාවක ලෙස අබිසෙස් ලබා ටික කාලක්වන මෙම සොඳුරු යුවැත්තිය, නිරූපණයේ විවිධ පැතිකඩ සොයමින් අත්හදා බැලීම් සිදුකරමින් පසුවන්නීය. කෞෂල්‍යා ගමගේ නම් වන ඇය, ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.
 
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම කෞෂල්‍යා ගමගේ
 
ඔබ වෘත්තීය වශයෙන් නිරූපිකාවක් වෙන්නේ කොපමණ කාලයක සිටද?
මීට අවුරුදු 5කට විතර කලින් ඉඳන්.